ආගම සහ භය



ආගම් වලින් කරපු දෙයක් තමයි මිනිස්සුන්ට බිය ඇතිකරල ඔවුන්ට යම් යම් ප්‍රතිපදාවන් රකින්න කියාදුන්න එක. මිනිස්සු නිකම්ම දෙයක් නොපිලිගන්නා බව දැනගත් පාලකයන්, පූජකයන් කලේ ආගම සමග බිය පැතිරවීම. ඕනෑම ආගමක් අදහන කෙනෙක් කුමක් හෝ දෙයකට බියවෙලයි ඉන්නෙ. ඔය සෙල්ලම ලොකුවටම කලේ ජෛන ආගමේ. උන් හැදුව නියම බිය උගුලක් "කර්මය" කියල. සමාජයට යහපත් මිනිස්සු බිහිකරන හයපත් ගුනදර්ම වගාකරනව වෙනුවට බිය වැපිරුව නරක වැඩ කරන්න එපා නරක ප්‍රතිඵල දෙනව කියල . බිය නිසා මිනිස්සු වැරදි වැඩ නොකර හිටිහ. තවත් ආගම් වල තියනව මැරිල හොඳ තනක ආපහු ඉපදෙන්නනම් පින් පව් කරන්න ඕන කියලත් තමන්ගේ ආත්මය නැත්තන් පෙරේතයො වෙනව කියල. හැබැයි පොඩි චාන්ස් එකක් දුන්න පෙරේතයෙක් උනත් ආගමික පූජකයො ගෙනල්ල පොඩි වතාවත් ටිකක් කරල , මන්තර/ පිරිත් ටිකක් මතුරල උන්ව හොඳ ආත්මයකට දක්කන්න පුලුවන්ය කියල. හැම තැනම බිය තමයි මුල කරගෙන තියෙන්නෙ. බියට පත්වෙන අහින්සක මිනිස්සු (ආගමික මුලාවට හසුවුන අය ) අනේ දසාතේ නයවෙලා හරි ආගමික පූජකයො පස්සෙ හිහිල්ල තමන්ගෙ ආත්මය සරු කරගන්න වලිකනව එදා ඉඳන් (ජෛ ආගමෙන් පටන් අරන්/ අවු 2900ක් විතර ඉඳන් ). මතක තියාගන්න ඔය ආත්මත කියන්නෙත් ආගමික සංකල්පයක් මිසක් සැබෑවක් නෙවෙයි කියන එක.
Posted By: Unknown

ආගම සහ භය

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates