ගොඩක් මිනිස්සු (මෝඩ මිනිස්සු ) කර්මය දකින්නෙ මහා ලොකු දර්ශනික විසඳාගත නොහැකි මායාකාරී දෙයක් විදියට. මේ සංකල්පය නිර්මානය කල අයගේ අරමුන ගැන පොඩ්ඩක් හිතල බලන කොට පැහැදිලිවුන කාරනය තමයි, එදා අතීත හින්දු සමාජය තුල මිනිස්සු හික්මීම ඇති කරන්න, නරක වැඩ වලට බිය ඇතිකරන්න හින්දු දහම විසින් ගහපු ගැටය බව.
මෙතන මූලික වශයෙන් කරන්නෙ මිනිසාට පෙර කර්ම ඇතිබව සහ ඒවා පලදීම තුලින් යහපත්/ අයහපත් ප්‍රතිඵල ලැබෙන බවට මුසාවක් සමාජයේ පතුරවනව. ඊට පස්සෙ බිය උපදවාගත්තු මිනිස්සු තමන්ගේ ධර්මයට අනුගත වෙනව. ඊට පස්සෙ මොකද වෙන්නෙ , ඊට පස්සෙ තමයි වැඩේ තියෙන්නෙ; දැන් කර්මයට බිය ඇතිකර ගත්තු බැතිමත්තු ටික අර ධර්මානුකූල ජීවිතයක් ගතකරන්න ඕන පූජකයන් කියන විදියට. වතාවත් කරන්න ඕන පූජක පැලැන්තිය නඩත්තු කරන්න ඕන.
ඒ අතර පූජකයා නිකන් ඉන්නෙ නෑ වෙලාව කලාව බලල බැතිමතා තව තව බය කරනව: දැන් ඔබට පෙර කර්මය මෙහෙම බලපානව අරම බලපානව, ඒව අහෝසි වෙන්න මෙහෙම පූජා තියන්න අරම පූජා තියන්න කියල. ජයටම මර්කටින් කරන අයට බලය වැඩියි මිනිස්සුන්ට උපදෙස් දෙන්න. ඔන්න ඕකයි තත්වෙ.
ඒ විතරක් නෙවෙයි තව කල් යනකොට ඕකට තවත් කලාවන් එකතු උනා ජෝතිශ්‍යය වගේ. ඒගොල්ලොත් කියන්න ගත්ත කර්මය කියන්නෙ පුද්ගලයන්ට බල පාන දෙයක්, හිතකර අහිතකර ප්‍රතිඵල ලැබෙනව කියල. ඉතින් ලැබෙන්න තියන අහිතකර පලවිපාක වලින් ගැලවීමට හැකි ක්‍රම යෝජනා කරා. (බොරුවට තවත් බොරුවක්) ඉතින් ජෝතිශ්‍ය කාරයන්ටත් කල්ල මරේ උනේ කර්ම සංකල්පය නිසයි. මිනිස්සු රවට්ටල කර්මය අහෝසි කරන්න, වලක්වන්න ගතමනාව ගත්ත ඔවුන්.