ආගම යනු කුමක්ද?



ආගමක් යනු මිනිසුන්ගේ ජීවන රටාව සකස් කරනා යම් දැනුම් පද්ධතියකි. එහි අඩංගු දැනුම වචන, රූප, සංකේත, කතාන්තර ආදී වශයෙන් පවත්වාගෙන යනු ලබයි. එම දැනුම පවත්වාගෙන යාමට ඒ ඒ සමාජය විසින් තෝරාගත් පිරිසක්ද සිටී. බොහෝවිට ආගමික දැනුමේ ඒකාධිකාරී බලය ඔවුන් සතුය.

ආගමික දැනුම මුලින් ඉගෙන ගතයුතු අතර පසුව ඒවා අවබෝධය, පිලිගැනීම, පිලිපැදීම ආදී වශයෙන් අවසානයේ ඒවා ඇදැහීම කරනු ලබයි. අදහන්නා සැමවිටම ඉන්නේ අනුන්ගෙන් ණයට ගත් දැනුමෙන් මුලාවීය. ඔහුට තමන් අදහන දැනුම විමර්ශනය කිරීමට බුද්ධිය පහල නොවේ. ඇදැහිල්ල පමනි.

ආගම මිනිසා විසින් නිර්මානය කරගත්තෙ සමාජය යහපාලනය උදෙසා බව සම්මත පිලිගැනීම උවත් ඉතා පැරනි ක්‍රම සමහරක් අදට නොගැලපෙන බව පෙනේ. උදාහරන විදියට ආගම් වලින් කරපු දෙයක් තමයි මිනිසාගේ දැනුම ඌනතාවය බොරුවෙන් පුරවාලීම. මිනිසුන් රවටා මුලාවෙන් මුලාවට යැවීම..

තව ආගම් වල මෙය බය කරල (ත්‍රස්තවාදය තුලින් ) බලෙන් දැනුම ලබාදීම. උදාහරන විදියට මැරුනම ආපහු උපදින ආත්මයක් තියන බවත් තමන්ගෙ ආගමේ වත්පිලිවෙත් නොකලොත් ආත්මයට හානි වෙන බවත් කියල මිනිස්සු බය කරනව. ඉතින් ඒ බය නිසා මිනිස්සු තමන්ට කරන්න කියන දේවල් කරනව.

තවත් ආගම් වල කුල ගෝත්‍ර වාදය සහ පරම්පරාවෙන් ආගමික දැනුම උරුම කරවීම. ගොඩක් වෙලාවට කුඩාකල සිට ඔලුවට දාන බොරු, පට්ටපල් බොරු තුලින් මිනිසා විකුර්ති සත්වයෙක් බවට පත් කිරීමට ඒවට හැකියාව ඇත.

බොහෝ ආගම් තුල දැනුම කලින් කලට වෙනස් නොවන සුපිරි බලයන්, සුපිරි දැනුම් වශයෙන් පවතින අතර ප්‍රශ්න කර අභියෝග කර වෙනස් කල නොහැක. උදාහරනයක් විදියට උඩකින් යමක් බිමට වැටීම දේවබලයකින් බිමට ඇදීමක් කියන එක ආගමික විස්වාසයක් නම් එය වෙනස් කල නොහැක. එය අදහන අයට එය හොඳ පිලිගැනීමකි. එය නොදන්නා අයට එහෙම පිලිගැනීමක් නැත.

ආගම් වල සියලුම දැනුම සංකල්ප පමනි. පරම සත්‍ය නොවේ.  හැබැයි ඒ ඒ ආගම අදහන අයට ඒව සත්‍ය.
Posted By: Unknown

ආගම යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates