කාලයෙන් තොර වූ විට ඇත්තේ කුමක්ද?



කෙනෙක් දෙයක් ඉන්නවාය තියනවාය කියල කියන්නේ කාලයට සාපේක්ෂව වේ (කාලය කියන්නෙ අපි හදාගත්ට සංකල්පයක්). කාලයට සාපේක්ෂව සියල්ලෙහි පැවැත්ම විස්තර කල හැකි ඇතර , කාලය කාලයටම සාපේක්ෂව ගෙන නව සංකල්ප/රාමු හදාගන්නත් මිනිස් චින්තනයට පුලුවන්. මිනිස් මොලය එතරම් දියුනු විකාර රූප මවන අති සංකීර්ණ වස්තුවක්.

සම්මත වශයෙන් ගත් කල කාලය පවතී. එය සම්මුති සත්‍යයයි. අපි හදාගත් කාලය සම්මුතියයි. භෞතිකයේ පැවැත්මයි.

එසේනම් කාලයෙන් තොර වූ විට ???
1.සම්මුතියෙන් ඉවත් වේ.
2.භෞතිකයෙන් ඉවත් වේ.
3.මමත්වයෙන් ඉවත් වේ.(කෙනා නැත )

එහෙම තැනක් තියනවද???
මේ ලෝකයේනම් නැත. හැබැයි උදාහරනයකින් පෙන්නන්න පුලුවන් එහෙම තැනක්. අපි හිතමු කෙනෙක් ඉන්නව තද නින්දේ ඌට සිහියක් නෑ. හැඟීමක් නෑ. කාලයක් පවතින්නෙ නෑ ඌට සාපේක්ෂව. අන්න කෙනෙකුට කියන්න පුලුවන් අරූට කාලයක් නෑ (ඉන්ද්‍රිය අවදි වී නැති නිසා ), ඌට සාපේක්ෂව ඉහත කරුනු තුන සත්‍ය වෙනවා කියල. ලෝකයේම නෑ කිව්වෙ කාලය නැති කෙනාට සාපේක්ෂවයි. ඔහුට සාපේක්ෂව ලෝකය නැත.


කාලය පිලිගැනීම කවුරු කරන දෙයක්ද???
ඒක කවුරුවත් කරන දෙයක් නෙවෙයි ඒක තමයි මිනිස් මොලයේ ස්වභාවය. මිනිස් මොලය සකස් වී තිබෙන්නේ ඒ ආකාරයට. මේක කෙනෙක් කරන දෙයක් විදියට පිලිගත් පැරනි මානවයා කෙනා/මම/ආත්මය/සිත වටා නොයෙක් සංකල්ප ගොතන ලදී. ඒවා අද දක්වාම ආගම් 4200ක් තරම් වූ සංකල්ප වශයෙන් පවතී.
Posted By: Unknown

කාලයෙන් තොර වූ විට ඇත්තේ කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates