විඤ්ඤාණය යනු කුමක්ද?


විඤ්ඤාණය නොහොත් දැනීම ඇතිවෙන්නේ කොහොමද? ඇතිවෙන්නේ කොතනටද? ඔය ප්‍රශ්නවලට පිලිතුරු සොයනවා වෙනුවට අද ආගම් කාරයෝ කරන්නෙ ඕක විකුනන එක, මාකට් කරන එක, නැත්තන් අලුත් අර්ථකතන දෙන එක.
හැබයි හැමෝම කටපාඩම් කරගෙන තියෙන්නෙ "සත්වයා යනු ස්කන්ධ (ගොඩවල්) පහකි. එනම් රූප , වේදනා, සඤ්ඤා , සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි." යනුවෙන්.
ඉතින් මොකාද මේ සත්වයා ? සත්වයා ඇතිවෙන විදිය, එනම් දැනීම ඇතිවෙන විදිය, එනම් කාලය සහ අවකාශය පිලිබඳ හැඟීම පහලවීම,...යනාදී ලෙස මේක විස්තර කරන්න පුලුවන්. රූප , වේදනා, සඤ්ඤා , සංඛාරා, විඤ්ඤාණ එකකට පසු එකක් නොව එකවර ඇතිවෙන්න ඕන සතා හට ගැනීමට. එනම් මෙයින් සඳහන් වෙන ක්‍රියාවලිය නම් භාහිර රූපයක් පෙර මතකය සමග ගලපා එය හඳුනා ගැනීමේ ක්‍රියාවලියයි (මොලයේ ක්‍රියාවලියයි ).
Posted By: Unknown

විඤ්ඤාණය යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates