බුද්ධ දර්ශනය යනු කුමක්ද?



ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ බුද්ධ දර්ශනය තවත් එක ආගමක් කියල. ආගමක් කියන්නේ දර්ශනයකට වඩා වෙනස් දෙයක්. ආගමක මූලික වෙන්නෙ දැනුම. දැනුම ලබාගත් පසු එම ආගමික දැනුමෙන් යහපත් ජීවිත ගත කිරීමට, පසු ආත්මයන් යහපත් වීමට, දිවියලෝක වල ඉපදීමට මග පෙන්වයි. හැබැයි එම ආගමික දැනුම ලබාගත් අයට පමනක් ඒය සත්‍ය වෙයි. වෙන ආගමක තියෙන්නෙ වෙනස් ඉගැන්වීමක් (දැනුමක්) නම් ඔහුට අනුව අනිත් ආගම සත්‍ය නොවේ. ඒක තමයි අද ලෝකයේ ඇති මූලික අභියෝගයක් වන ආගමික ගැටුම් වලට හේතුව.

දැන් බලමු බුද්ධ දර්ශනය කියන්නෙ කුමක්ද කියල. බුද්ධ වචනයෙන් උපුටා ගත්හොත්, “යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි. බුද්ධ දේශනාවේ හරය ඇත්තේ දැකීමක් ගැනයි. ප්‍රශ්නය තමයි කුමක් පිලිඹඳ දැකීමක්ද කියන එක? ධර්මය දැකීම යනු පටිච්චසමුප්පදය දැකීම නම් පටිච්චසමුප්පාදය දැකීම යනුවෙන් අදහස් කර ඇත්තේ කුමක්ද කියන එක තමයි දැකීමට අවශ්‍ය නියම තැන. ඒක තමයි ජාති හෙවත් සත්වයා ඇතිවෙන තැන. කාලය (සංකල්පයක් පමණි) ඇතිවෙන තැන. එතන යමෙක් දැක්කොත් එම කෙනා සියල්ල දකිනවා. හැබැයි කෙනා නැතිවෙනව (සංකල්පීය වශයෙන්).
Posted By: Unknown

බුද්ධ දර්ශනය යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates