වචන සහ දැනුම



වචනය අපි හදාගෙන තියෙන්නේ දැනුම එකතුකිරීමේ හා ප්‍රචාරනයේ මාධ්‍යයක් විදියට. උදාහරනයක් විදියට ඔන්න අලුත් දැනුමක් කවුරුහරි හොයාගන්නව, අපි කියමු "කලු කුහරය" හොයගත්ත කියල. ඒකට නමකුත් දානව කලු කුහරය (බ්ලැක් හෝල් ). මුලින්ම ඒක හොයාගත්තු කෙනා විතරයි දන්නේ ඒක කලු කුහරයක් කියල. වෙන කෙනෙක් දැක්කොත් ඒක මොකද්ද කියල දන්නේ නෑ. සමහර විට වෙන කෙනෙකුට පේන්නේ නෑ. මොකද ඒකට නම දාල තිබුනෙ නැති නිසා (කලු කුහර ඇහැට පේන්නෙ නැ කොහොමත් ආලෝකය ඒක තුලට අදින නිසා). ඔහොම දකින දෙයට නම් දාල, ඒ නම තවත් වචන වලින් විස්තර කිරීම තමයි දැනුමක් අනිත් අයට ප්‍රචාරනයේදී කරන්නේ. ඊට පස්සෙ ඒක සම්මතය වෙනවා.

ඕකම තමයි කුඩාකල හැමෝම කලේ. වැඩිහිටියන්ගෙන් අහගෙන ඒක මොකද්ද මේක මොකද්ද කියල දැනුම එකතු කරගන්නවා. භාහිරයේ දකින දේවල් වලට නම් දාල ඒව නාම රූප විදියට මොලයේ ගබඩා කරගන්නව. යමක් මතක් කරන්න ඕන උනාම නමත් රූපයත් දෙකම ඕන වෙනවා. නැත්තන් ඒක මොලයේ මතක ගබඩාවෙන් ගන්න බෑ අවශ්‍ය වෙලාවට. ඔන්න වචන ඕන වෙනව නම් දාන්න.


Posted By: Unknown

වචන සහ දැනුම

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates